140 views 3 secs 0 comments

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඔන්ලිනෙ online අභියාචනා අයැදුම්පත් භාරගැනීම අද සිට..

In Local News
February 13, 2024

අද(13) සිට 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් Online ක්‍රමයට යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යංශය නිවේදනය කළේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අභියාචනා අද සිට පෙබරවාරි 29 වැනිදා දක්වා Oන්ලිනෙ ක්‍රමයට යොමු කළ හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.