171 views 0 secs 0 comments

චාමික කරුණාරත්නට තරඟ තහනමක්….

In Local News
November 23, 2022

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී පැවති ඨ්20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වේ.

චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් සිදුකළ හොත් මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිත අතර අත්හිටවූ තරඟ තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.