ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් සඳහා මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති බව සඳහන්ය.
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙය අදාල වේ.
එබැවින්, මෙම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය මැදිරියට ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ජල මණ්ඩලය සදහන් කරයි.
