175 views 0 secs 0 comments

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කරන අය වෙත නිවේදනයක්

In Local News
September 22, 2022

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ‍ යොමු 2022 උසස් පෙළ සිසුන් හට දැනුම් දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ. එසේම බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වනවා.