177 views 0 secs 0 comments

ගෑස් ඉල්ලුම පහත වැටේ. ලිට්‍රෝ සමාගම දෙසැම්බර් වනතුරු සිලින්ඩර නිකුත් කරන්නේ නැහැ

In Local News
September 22, 2022

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බවයි. ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට සිටින තම ඥාතීන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර් සඳහා ඇණවුම් ලබා දීමයි.
ඩොලර් හිඟය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කැමැත්ත පළ කර ඇති බැවින් පිසින ගෑස් සඳහා ඇති ඉල්ලුම අඩු වී ඇති බවයි.