21 views 0 secs 0 comments

රාජිත සේනාරත්න හා නිමල් ලංසාට නිවෙසින් ආහාර ගෙන ඒමට අවසර….

In Local News
September 01, 2025

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාට ඔවුන්ගේ නිවෙසවලින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු පැවසුවේ එය ඔවුන්ගේ ඉල්ලීමකට අනුව සලස්වා ඇති බවයි.

රාජිත සේනාරත්න මහතා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, කිරිඳ ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතිය කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි 200ට අධික පාඩුවක් කිරීමේ චෝදනා ඔහුට එල්ල වී ඇත.

නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 2006 පළාත් පාලන මැතිවරණ කාලයේ මීගමුව උප නගරාධිපතිවරයාගේ නිවසට පහරදී අනර්ථයක් සිදුකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු ගොනු කර ඇත.