145 views 0 secs 0 comments

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න මධ්‍යම රජයේ මැදිහත් වීමක් නැහැ – ජනාධිපති

In Local News
January 05, 2024

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, දැනට මූල්‍ය ස්වාධීනත්වයක් ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බවත්, 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සෑම පළාතකින්ම ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.