මෙරට සෞඛ්‍ය සේවාවේ විශ්ව සෞඛ්‍ය අගයන් තවත් ඉහළට නංවීමට නව වැඩපිළිවෙලක් යටතේ දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අද (08) පියවර ගන්නා ලදි.
කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති උත්සව සභාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වය දරන අතර, නව සීමාවාසික වෛද්‍යවරයන්ට පත්වීම් ලිපි මෙහිදී ලබා දින ලදි.
අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගේ සෞඛ්‍ය සේවාව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව සංවර්ධනය කරමින්, විශ්ව සෞඛ්‍ය ආවරණයේ දී ශ්‍රී ලංකාව තවත් ඉහළට ගෙන යෑම තමන්ගේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, දන්ත වෛද්‍ය විද්‍යාඥයන් සහ විද්‍යාපීඨ නියෝජිතයින් ද සහභාගි වී සිටියහ.
