
අධික වැසි තත්ත්වය නිසා මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වී ඇති බව වර්තා වෙයි. මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.