129 views 0 secs 0 comments

අදින් ඇරඹෙන ජාතික නීතී සතිය….

In Local News
September 25, 2023

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මකයි.

මෙහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදෙන බවයි නීතිඥ සංගමය පෙන්වා දී සිටියා.

සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරගනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම සිදුකිරීමට නියමිතයි.