95 views 0 secs 0 comments

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස සුනිල් ජයරත්න මහතා පත් කෙරේ…

In Local News
November 04, 2024

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතාව පත්කර තිබෙන අතර ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත.

සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර ඇත.

සුනිල් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.