143 views 0 secs 0 comments

අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන උපකාරක පංති….

In Local News
January 18, 2022

මෙවර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වන දින පැවැත්වෙන බැවින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කර තිබේ.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.