93 views 0 secs 0 comments

5 දෙනෙකුට දිවි අහිමි කල මෝටර් රථ – දුම්රිය අනතුර..

In World News
November 04, 2024

පෝලන්තයේ මෝටර් රථයක් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුරින් වාහනයේ සිටි මගීන් පස්දෙනා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර ඉන් තිදෙනෙකු කුඩා ළමුන් වන බව සඳහන් ය.

අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.