
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර එම ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් අනතුරුව එම නගරය සඳහා සංචරණ සීමා පැනවූ 06 වන අවස්ථාව මෙය වේ.
ගත වූ දිනය තුළ ද මෙල්බන් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩෙල්ටා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබුණි. ඉන් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇති බව වාර්තා වේ.