
උගන්ඩා කම්පාලා අගනුවර මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබූ අතර ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.