
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීතිරීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක සිපගත් වීඩියෝ දර්ශන එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වු අතර අනතුරුව තමා සිදුකළ ක්‍රියාව පිළිබඳ සමාව අයදමින් මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය.
ඒ අනුව පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා එරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ සජිඩ් ජාවිඩ් පත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.