
හෙට සිට ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ජනතාවට ලබාදීමට නියමිතය.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්ත ද අමෙරිකානු වැසියන් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට හා සමාජ පරතරය පවත්වාගැනීමට කටයුතු කළ යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.
කෙසේ වුවද ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවෙන් නව ආසාදිතයන් 220,298 දෙනෙකු හඳුනාගැණුණි.එරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,309 කි.