ඉන්දියානු සාගරයේ අග්නිදිග කොටස වන සවුත්ඊස්ට් ඉන්දියන් රිජ් ප්‍රදේශයේදී පෙරවරු 7.13 ට පමණ මැග්නිටියුට් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය මුහුදු අභ්‍යන්තර කඳුවැටියක ඇතිවූවක් වන අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වී නොමැට්ගි බව වාර්තා වේ.
මෙයට සමගාමීව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයේද මැග්නිටියුට් ඒකක 5.6 ක භූ කම්පනයක් වාර්තා වී ඇත. එහිදී ජීවිත හානි හෝ දේපල හානි පිළිබඳව වාර්තා වී නොමැති අතර භූ කම්පනය පතුලේ සිට කිලෝමීටර් 121 ක් ගැඹුරින් සිදුවී ඇති බව වාර්තා වේ.
