67 views 0 secs 0 comments

පේරු හිටපු ජනාධිපතිට සහ බිරිඳට වසර 15 ක සිර දඬුවම්…

In World News
April 16, 2025

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සම්බන්ධව පේරු හිටපු ජනාධිපති ඔලන්තා උමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 3කට වැඩි කාලයක් පැවති නඩු විභාගයක තීන්දුවක් ලෙස මෙම දඬුවම නියම කර තිබේ.

2006 සහ 2011 අතර කාලයේදී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීතිවිරෝධී අරමුදල් ලබාගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.