169 views 0 secs 0 comments

ඉන්දියානු දුම්රියක් තුළ වෙඩි තැබීමක්…

In World News
July 31, 2023

ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටියා.

ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර එම පුද්ගලයා, උසස් නිලධාරියෙක්ව සහ දුම්රිය මගීන් තිදෙනෙක්ව ඝාතනය කර ඇති බවත් ඊට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් පොලීසිය ප්‍රකාශ කර සිටියා.

ඝාතනය කර ඇති මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.