Connect with us

world-news

ඊශ්‍රායල්, හමාස් සටන් විරාමය දින 2කින් දීර්ඝ කරයි…

Published

on

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළැ කටාර් බලධාරීන් සන්දහන් කලේ, සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බවයි.

සිකුරාදා සිට මේ දක්වා, ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළුව හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.

එමෙන්ම මෙම සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුමේ හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් වන අතර ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි. ඒ අතුරින් 6000ක් දරුවන් ය.

world-news

ජාතන්තර සංඥා භාෂා දිනය අද…

Published

on

By

ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ.

සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන සංඥා භාෂා සංඛ්‍යාව තුන්සියකට අධිකය.

ජාතන්තර සංඥා භාෂා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට 2018 දී සනිටුහන් කරන ලදී.

Continue Reading

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

ප්‍රවණතාවන්