244 views 0 secs 0 comments

ටෙක්සාස් හි පාසලක වෙඩි තැබීමක්….

In World News
May 25, 2022

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන සිසුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා.

වෙඩි තැබීම සිදු කළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර ඔහු සිය මෝටර් රථය පාසල අසළ නතර කර ගිනි අවි දෙකක් අතැතිව පාසලට පැමිණ වෙඩි තැබීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ටෙක්සාස් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ, පාසලට පැමිණීමට පෙර ඔහු සිය මිත්තණියට ද වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී බවයි.

සිද්ධියත් සමග ටෙක්සාස් ප්‍රාන්තයට ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර ලබන 28 වැනි දා සියලු ස්ථානවල ජාතික ධජ අඩකුඹු කර තබන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නියෝග කළේ ය.