
කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භවීමෙන් පසු ජුනි මාසය දක්වා ගත වූ කාලය තුළ ඉන්දුනිසියාවේ වෛද්‍යවරුන් 545 දෙනෙකු මියගොස් ඇති අතර ජුලි මාසයේ ගත වූ දින 17ක කාලය තුළ පමණක් වෛද්‍යවරුන් 114 දෙනෙකු මියගොස්, එම මරණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඉන්දුනිසියාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
එරට සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 95ක් එන්නත්කරණය සම්පූර්ණ කර තිබුණ ද ඒ අතරින් කොවිඩ් ආසාදිතයින් හා මරණ රැසක් වාර්තා වී ඇති බව ඉන්දුනිසියානු බලධාරින් පෙන්වාදෙයි.