224 views 0 secs 0 comments

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්….

In World News
February 13, 2024

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දී සිටියා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් අමෙරිකාව නේටෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් කරගනු ඇති බව අමෙරිකානු හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති අතර නේටෝ අයවැය ඉලක්ක සපුරා නොගන්නේ නම්, අමෙරිකාව තවදුරටත් නේටෝ සංවිධානය වෙනුවෙන් මුදල් වැය නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.