153 views 1 sec 0 comments

අලි සබ්‍ගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි….

In Local News
February 13, 2024

අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කර සිටියා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අයෙක් වා අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබිණි.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.