157 views 0 secs 0 comments

ගාලු මුවදොරදී මාධ්‍ය සාකච්ඡා දෙකක්..

In Local News
May 15, 2022

ගාලු මුවදොර අරගල භූමියේදී අද් (15) අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තරුණ නීතිඥවරු පිරිසක් සමඟ මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර පසුගියදා අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් අදහස් දැක්වූවා.

මෙම මාධ්‍ය හමුවලදී කියා සිටියේ තමන්ට ප්‍රහාර එල්ල කර පිරිස අත්අඩංගුවට ගැනීමෙන් තොරව වෙනත් පාර්ශව අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.

අන්තරේ කැඳවුම්කරු මෙහිදී ප්‍රහාර එල්ල කරපු පුද්ගලයින්ගේ ඡායාරූප ද ඉදිරිපත් කල අතර මෙම පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ නම් ජනතාව සමඟ පෙළ ගැසෙන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

තරුණ නීතිඥවරුන් මෙහිදී පෙන්වා දුන්නේ සැමට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.