174 views 0 secs 0 comments

ගෝඨාභය රජයේ වැරදි විගණනයට අවසර..

In Local News
October 13, 2022

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය, මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම සම්බන්ධයෙන් එහිදී විගණනයට ලක් කෙරෙනු ඇති.

අදාළ විගණනයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා බවද විගණකාධිපතිවරයා සඳහන් කර සිටියා.