Connect with us

Local News

විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි..

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අද (03) කිරුළපන පිහිටි ඒ මහතාගේ නිවසේදී අභවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 79 වියේ පසු විය.

චිත්‍රපට 240 කට අධික ප්‍රමාණයක රන්ග පෑ එතුමා ශ්‍රී ලාංකේය සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු මෙන්ම සටන් අධ්‍යක්ෂකවරයෙකුද් විය.

1974 වසරේ දී හදවත් නැත්තෝ චිත්‍රපටයේ රංගනයත් සමගින්, කරූ සිය රංගන දිවිය ආරම්භ කළ අතර වන් ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස්, බජාර් එකේ චන්ඩියා, රජ වැඩකාරයෝ, නොම්මර 17 ඇතුළු චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේය. එමෙන්ම සසර චේතනා චිත්‍රපටයේ රංගන වෙනුවෙන් කුසලතා සම්මානයද හිමිවිය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

Published

on

By

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි.

මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන රජය විසින් පරිත්‍යාග කළ බව නිල වශයෙන් දැනුම්දෙන ලදී.

මෙම උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද සහභාගීව සිටියි.

Continue Reading

Local News

හිටපු යුද හමුදාධිපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා 91 වන වියේදී අභාවප්‍රාප්ත වී ඇත.

1954දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ ඔහු, බ්‍රිතාන්‍යයේ Sandhurst හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයේදී පුහුණුව ලැබීය.

1988දී මෙරට 11 වන යුද හමුදාධිපතිවරයා ලෙස පත්වූ ඔහු, 1995දී විශ්‍රාම ගත් පසුව ආරක්ෂක ලේකම් වැනි තනතුරුද දැරීය.

ගම්පහ මල්වාන ප්‍රදේශයේ උපන් වනසිංහ මහතා, ආනන්ද විද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ අතර, දක්‍ෂ ක්‍රීඩකයෙකු සහ හමුදා රයිෆල් තරගවල කුසලාන දිනාගත් පුද්ගලයෙකු ලෙසද ප්‍රකටය.

Continue Reading

Local News

අනතුරට ලක්වූ නෞකාවකින් ආන්තරායකර ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට

Published

on

By

කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබූ බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්.එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ, එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තවත් ද්‍රව්‍යයන් මෙරට වෙරළට ගොඩගැසීමේ අවදානමක් පවතින බවද ඇය සඳහන් කළාය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි.

Continue Reading

ප්‍රවණතාවන්