162 views 0 secs 0 comments

හෙට දින මාර්ගයක් වැසෙයි….

In Local News
March 03, 2023

හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පෞද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීම මෙලෙස මාර්ගය වසා තැබීමට හේතුවයි.

මේ හේතුවෙන් හෙට දින හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.