154 views 0 secs 0 comments

ඉන්දුනිසියවේ ගින්නකින් 17කට දිවි අහිමි වෙයි…

In World News
March 04, 2023

ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ජනාකීර්ණ ජකර්තා නගරයේ රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න ශීඝ්‍රයෙන් අසළ නිවෙස්වලට ද ව්‍යාප්තවී ඇත. දරුණු පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගිනි නිවන භටයින් 260 දෙනෙකු සහ ගිනි නිවන සේවා රථ 52 ක් යොදා ගනිමින් ගින්න මැඩපවත්වා තිබේ. මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ පැවති වැසි තත්ත්වය හමුවේ මෙම ගබඩාවේ නල මාර්ගයකට අකුණු සැර වැදීමෙන් ගින්න හටගෙන ඇති බවයි.

මෙම ඉන්ධන ගබඩාව ඉන්දුනීසියාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් 25% ක් සපුරාලන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.