356 views 0 secs 0 comments

ජකර්තා අගනුවර බන්ධනාගාරයක ගින්නක්….

In World News
September 08, 2021

අද (07) අලුයම ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැදවියන් 122 දෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉන්දුනීසියානු බලධාරින් සඳහන් කර ඇත.

පුද්ගලයින් 600 ක පමණ පිරිසකට පහසුකම් සහිත අදාළ බන්ධනාගාරයේ 2,000 ක පමණ පිරිසක් රඳවා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.