727 views 0 secs 0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාල අවහිර කරයි..

In Politics, World News
January 07, 2021

මේ වන විට ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ගිණුම් ක්‍රියා විරහිත කර තිබේ. ඒ අමෙරිකානු ජනාධිපති සහ උප ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් එරට කොංග්‍රසය විසින් සහතික කරන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විශාල පිරිසක් “කැපිටල් ගොඩනැගිල්ල” තුළට කඩාවැදී එහි දේපල වලට හානි කළ අතර එම සිදුවීමෙන් සිව් දෙනෙක් වෙඩිවැදී මරණයට පත්වීමේ සද්ධියත් සමඟයි.
මේ වනවිට අමෙරිකාවේ අග නගරය වන වොෂිංටන් නගරයේ ඇඳිරිනීතිය පනවා ඇති අතර ඇඳිරිනීතිය කඩකළ 47 දෙනෙක් ඇතුළු 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, අමෙරිකාවේ මතුව ඇති තත්ත්වය ගැන ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් “බලය පැවරීම නීත්‍යානුකූල සහ සාමකාමී ලෙස සිදුවිය යුතුයි” යනුවෙන් හා “නීත්‍යානුකූල නොවන උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගැටලු ඇතිවීම ට ඉඩ දිය නොහැකි” බවද සඳහන් කරයි.