
මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එසේ මියගොස් ඇත.