
දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය , ශ්‍රී ලංකාව රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 13 හමාරක් වන අතර කිලෝ 9ක බරකින් යුක්ත බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා රේගුව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබුන පාර්සල් කිහිපයක් පිළිබඳ කර තිබූ විමර්ශනයක දී මෙම මත්පෙති තොගය හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒත් සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබුණා