196 views 0 secs 0 comments

ජනපති ගෝඨාභයගෙන් කතානායකට ලැබුණු ඉල්ලා අස්වීමේ ලිපිය…

In Local News
July 14, 2022

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.
මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ප්‍රකාශ කර සිටියා.