
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව කථානායක නිල නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජුලි 14 වැනිදා සිට නීත්‍යානුකූලව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය මේ මොහොතේ සිට ආරම්භ කරන බවත් ඔහු පැවසීය.
එම ක්‍රියාවලිය අවසන් වන තුරු ජනාධිපතිවරයාගේ රාජකාරි සහ කාර්යයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අගමැතිවරයා විසින් ඉටු කරනු ලැබේ.