සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.
