184 views 0 secs 0 comments

මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

In Local News
August 29, 2022

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික නීතිඥයෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතීඥ ප්‍රියලාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මන්ත්‍රිවරයාට විදෙස්ගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියි. 2022 මැයි 9 වනදා ගෝඨාගම විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර ඇති බව නීතීඥ ප්‍රියලාලා සිරිසේන මහතා පෙත්සමෙන් සඳහන් කරයි.
එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ශ්‍රී ලංකා නීතිපතිවරයා නම් කර තිබේ.