අද (17) රාත්‍රියේ පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවට පොලීසිය දැනුම් දෙනවා. ඒ හොරණ රජමහා විහාරස්ථානයේ රයිගම්පුර නවම් මහ පෙරහැර හේතුවෙනි.
ඒ අනුව හොරණ රජමහා විහාරස්ථානයේ අසල සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොටසක් වන විද්‍යාරතන හන්දිය සිට හොරණ පොලීසියට හැරෙන හංදිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි සඳහන් වේ.
අද රාත්‍රී 8.00 සිට පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්ඹ්හ කල අතර, එම කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දැනුම් දෙනවා.
