722 views 2 secs 0 comments

සෞඛ්‍ය අංශ තීරණයෙන් පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ අද

In Local News
January 13, 2021

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.
මේ අතර අද දිනයේ පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා පාර්ලිමේන්තුව තුළ ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. එමෙන්ම අනිද්දා (15) දිනයේදී ද පාර්ලිමේන්තුව තුළ ඵ්Cර්‍ පරීක්ෂණ සිදුකිරීමට පියවරගෙන ඇති බැවින් එම දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඵ්Cර්‍ පරීක්ෂණ සිදුකරගත හැකිය.