176 views 0 secs 0 comments

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක….

In Local News
July 01, 2022

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය ගාස්තු වැඩි කිරීමට සහ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන ලබා නොදීම යන කරුණු පදනම් කර ගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සේවකයින්ට සේවා සඳහා පැමිණීමට අවශ්‍ය ඉන්ධන යම් ප්‍රමාණයක් හෝ ලබා දීමට අදාළ අංශ සමග සාකච්ඡා කර, පියවර ගන්නා බවයි.

එමෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත පිරිස සමග සාකච්ඡා කර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඇති බවද එතුමා සඳහන් කලා.