147 views 0 secs 0 comments

ලංකාවට ජපන් රජයේ සහාය දෙන්න බැහැ – ජපාන තානාපති

In Local News
July 01, 2022

ශ්‍රී ලංකාවට ලැබෙන මූල්‍යාධාර වැරදි ලෙස කළමනාකරණ‍ය වීමේ අවධානමක් පවතින බැවින් මේ මොහොතේ දී ශ්‍රී ලංකාවට ජපන් රජයේ සහාය හිමි නොවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි පවසා තිබෙනවා.
ඊයේ (30) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් කොළඹ දී ජපාන තානාපතිවරයා හමු වූ අවස්ථාවේ දී ඔහු ඒ බව පවසා සිටියා.

කෙසේ නමුත් පසුව යම් සලකා බැලීමකට ලක් කර සහාය ලබා දෙන්නට කටයුතු කළ හැකි බව ද ඔහු පවසා තිබෙනවා.