690 views 4 secs 0 comments

කොවිඩ් එන්නතට කැබිනට් අනුමැතිය…

In Health, Local News
January 05, 2021

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව දැනටමත් ඇතුළත් වී ඇති අතර ඒ මගින් කොවිඩ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් GAVI සංවිධානය (Global Alliance for Vaccines and Immunization) විසින් ඒ බව තහවුරු කර ඇත.