
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් ද, 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් ද, ලබන 07 වනදා ද සංශෝධන පනත් කෙටුම්පත් 10ක් ද විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම ලබන 06 වනදා පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සලසා ඇති බවත් පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළා.
මීට අමටහරව පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුනි.
පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සිව්වන වරටය.