124 views 0 secs 0 comments

වසරේ මේ වන තෙක් ලාදුරු රෝගීන් 1,300කට ආසන්න ප්‍රමාණයක්..

In Local News
November 27, 2023

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ඒකකය වාර්තා කර සිටියා.
ජනවාරි සිට ඔක්තෝබර් තෙක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් 1,256ක් හමු වී ඇති අතර ඉන් රෝගීන් 265ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ද හමු වී ඇති බව වාර්තා වේ.

මෙම රෝගීන් අතරින් අවු 14ට අඩු ළමා රෝගීන් 131ක් හදුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 39කි. ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක වලින් ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.