පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.
ලබන වසරේ එම පුරප්පාඩු සදහා නව නිලධාරීන් 5,000ක් පමණ බදවා ගන්නා බවත්, වසරේ මුල් භාගයේදී ඊට අදාල කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කර සිටියා.
එමෙන්ම ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නව පොලිස්පතිවරයා පත් කර ගැනීමට අදාලව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.