699 views 0 secs 0 comments

අමාත්‍ය දයාසිරිගේ ලේකම්වරයාටත් කොවිඩ්…

In Local News
January 09, 2021

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටී. මේ වන විට අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ ය.