සෙවනගල සීනි කර්මාන්තය වැසීයාමේ කිසිදු අවදානමක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ සීනි කර්මාන්තය පිළිබඳව සත්‍ය තත්වය වක්‍රව පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර පළකරන බවය.
පැල්වත්ත සීනි සමාගමේ තිබූ සීනි තොගයක් පෙන්වා ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද, එම සමාගම මාස 8කට පෙර රජය භාරගත් අවස්ථාවේ මෙට්‍රික් ටොන් 33,000ක් පමණ සීනි තොගයක් ගොඩගස්ව තිබූ බවත් අමාත්‍යවරයා කීය.
වෙළෙඳපළට නිකුත්කිරීම සඳහා ඇති සීනි තොගයක් පදනම් කරගනිමින් ආයතනයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය චෝදනා පළකරන බවත්, මෙය දේශපාලන ව්‍යාපාරවලට යටත්ව සිදුකරන ක්‍රියාවලියක් බවත් ඔහු指 කළේය.