ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බව අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
