110 views 0 secs 0 comments

දුම්රිය වැඩවර්ජනය අවසන්…

In Local News
September 13, 2023

අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ.

එම සාකඡ්චාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි.

හෙට දහවල් වනවිට දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.